සොදුරු අතීත කතාවක් ( Part 1 )

Photo 1

වෙන දවස් වලට උදේ 8ට 9ට වත් අවදි කරන්න බැරි මම එදා නම් උදේ 5ට විතර අවදි වුණා. එදා මගේ හිතේ තිබුණේ අමුතුම හැගීමක්.. එහෙම නොවුනා නම් තමයි පුදුම වෙන්න ඕනේ.. මොකද එදා තමයි කවදාවත් නොදැකපු, දුරකථනයෙන් විතරක් හඩ අහපු යාළුවෝ ටික මුලින්ම දැකගන්න යන දවස.


මම දත කට මැදගෙන, උදේම වතුර කොච්චර සීතල වුණත් නෑවා. ගද ගගහා යන්න බෑනේ ඉතිං. ඊට පස්සෙ මම මගේ ජාතික අදුම ( රතු පාට REBORN ටී-ෂර්ට් එකයි කලු පාට ඩෙනිමයි ) දාගෙන ඉක්මනටම දිවුවා බස් හෝල්ට් එකට.. බස් හෝල්ට් එකට ගියාම තමයි මතක් වුණෙ මම උදේට මොකුත් කෑවෙත් නෑ නේද කියලා. ඒ තරමටම නොඉවසිලිමත්...


ආහ්.. මට කියන්නත් අමතක වුණා.. මම ගෙදරට කියල ආවේ පන්ති යනවා කියල.. ඒ නිසා පොත් බෑග් එකත් අරන් එන්න මට සිද්ධ වුණා..


වෙන දවස් වලට එක පිට එක බස් එන 120 ROUTE එකෙ එදා බස් එන්න ගොඩාක් ප්රමාදයි වගේ මට තේරුණේ. ප්රියංග මට කොහුවලට එන්න කියලා තිබුනේ 9ට. අති යන්තම්. සෙනග පිරිච්ච හොරණ කොළඹ බස් එකක් ආවා. දෙතුන් වතාවක් හිතන්නේ නැතුව මම බස් 1ට නැග්ගා.. බස් එක අද යන්නේ හරිම හෙමින් කියල මට හිතුනා. එක්කෝ ඔරලෝසුවේ කටු කැරකුණේ හරිම හෙමින්. කොහොම හරි 9.15ට මම කොහුවලට ආවා.


බස් එකෙන් බැහැලා මම ගියේ 176 බස් හෝල්ට් එකට.. එතනදි මගේ ළගට ආපු කොන්ඩේ පීරපු නැති, මගේ තරමටම උස් මහත් පුද්ගලයෙක් ඇවිත් එක පාරටම මගෙන් ඇහුවා "ඔයා යසිරු ලක්නාත් නේද?" කියලා.. ඇත්තටම මට අදුරගන්න බැරි වුණා.. ඒ තමයි අපි මුහුණු පොතේදි මරිසි ප්රියා කියලා අදුන්නපු ප්රියංග ප්රතිභා... ප්රියා තමයි මම මුහුණු පොතේ යාළුවන්ගෙන් මුලින්ම හැබහින් දැක්කේ.. ප්රියත් ගෙදරට කියලා ඇවිත් තිබුණේ මම කියපු බොරුවම තමයි.. අතෙ පොත් 2කුත් තිබුණා.. ඒ පොත් 2 මම මගේ බෑග් 1ට දාගෙන දෙහිවල සත්තු වත්තට යන්න 176 බස් 1කට නැග්ගා..


බස් එකේ යනකම් කතා කලේ ආ ගිය තොරතුරු තමයි..ඒ වෙලාවෙදිත් දෙන්නම දුරකතනයෙන් මුහුණු පොත පත්තේ රවුමක් ගැහුවා.. බස් එක සත්තු වත්ත ළගටත් ආවා.. අපි බස් එකෙන් බැස්සේ ඒ වෙද්දිත් එතනට අවිත් ඉන්නව කියපු ඩොන් ඉන්නේ කොහේද කියලා හොයාගන්න දහසක් මිනිස් රූප අතරින් අපේ ඇස් යොමු කරන ගමන්මයි. සත්තු වත්ත ඉස්සරහා බුස් නැවතුම්පලේ බංකුවක වාඩි වෙලා ඉන්න, මට සුපුරුදු රුවක් මගේ නෙත ගැටුණා..


මුහුණු පොතේදි මට මුලින්ම හමුවුණු මුල්ම හොදම යාළුවා තමයි එතන වාඩි වෙලා හිටියේ.. ඔව්, ඒ ඩොන් ( වසිත රොෂාන් මීගොඩ ) තමයි.. මම ප්රියාට ඩොන් ව පෙන්නුවා..ඒත් ප්රියාට එක පාරටම අදුරගන්න බැරි වුණා.. ඊට පස්සේ අපි දෙන්නත් ඩොන් හිටපු තැනටම ගිහින් වාඩි වුණා. අනිත් කට්ටිය එනකන් අපි පුංචි කතාවක් දාගෙන ඩොන්ගෙ ජංගම දුරකථනයේ වාදනය වෙන සිංදු වලටත් සවන් දුන්නා.. අනිත් අය ආවම එයාලව අදුනන්නේ නැති විදිහට ඉමු කියලා අපි කතා කරගෙනයි තිබුණේ...


ඔන්න ඉතිං ටික වෙලාවකට ( මිනිත්තු 90කට විතර ) පස්සේ අපි හොදට දැකලා පුරුදු තුන්දෙනෙකුයි, කවදාවත් නොදැකපු එක්කෙනෙකුයි බස් එකකින් ඇවිත් බැස්සා. හතරදෙනාම අපිව දැක්කා.. ඊට පස්සේ හතරදෙනාම ලොකු සාකච්ඡාවක් කරලා කරලා අන්තිමටම ටිකක් කොන්ඩේ වවපු, කෙට්ටු, උස පොර (ලක්ෂාන් මහගමගේ) මගෙන් ඇවිත් අහුවා "ඔයා යසිරු ලක්නාත් නේද?" කියලා. මම ඒ වෙලාවේ අපේ සැලසුම ක්රියාත්මක කලා.. "SORRY, WRONG NUMBER" කියන 1 තමඉ මගේ පිළිතුර වුණේ.. ලකියාට මේක මාර ප්රශ්නයක්.. ආයිත් හතරදෙනා සාකච්ඡාවට වැටුණා.. අපි තුන්දෙනාට පව් කියලා හිතුණ නිසා එයාලට අපිව අදුන්නලා දුන්නා.. හැමොටම බඩ පැලෙන්න හිනා...


අපි ආවේ සත්තු වත්ත බලන්න කියලා... ඒත් එතන හිටපු ගෑණු ළමයි දෙන්නා නම් කොච්චරවත් රණ්ඩු වුණා MC යමු කියලා.. මිටි, පොඩි, ඩගකාර, හැඩකාර ගෑණු ළමයට තමයි ඒ උවමනාව වැඩියෙන්ම තිබුණෙ... ඒ වෙන කවුරුවත් නෙමේ... මධු පනාගොඩ... අනිත් ගෑනු ළමය හරි අහින්සක පෙනුමක් තිබුණේ (මෙහෙම කියන්න එයා මට රු.100ක්ම දුන්නා..) එයාව දැක්කම අපිට මතක් වුණේ ඇතින්නියක් මිස වෙන කවුරුවත් නෙමේ.. ලොල්ස්... ඔව්,ඔව්, ඒ තමයි දුලන්ජනී ගීතිකා... කොහොම හරි ප්රියංග ලොකු බොරුවක් ගහලා එයාලව සත්තු වත්තට එක්කන් යන්න කැමති කරගත්තා... ආපු හතරදෙනාගෙන් තුන්දෙනෙක්ම අදුර ගත්තනේ.. ඒත් හතරවෙනියා නම් අපි තුන්දෙනා දන්න කෙනෙක් නෙමේ.. මධු තමයි එයාව අදුන්නලා දුන්නේ... අව් කණ්ණාඩි යුගලක් ඩාගෙන, විකාරරූපී විදිහට හිසකෙස් සකස් කරපු, ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුඉ ඇදන්, සෙරෙප්පු දෙකක් දාගෙන ආපු මේ අමුත්තා මුලින්ම ඩැකපු ගමන් අපිට හිතුණේ "මූ හෙණ පොෂ් පොරක්" කියලා.. ඒත් ටිකක් වෙලා යද්දි මිනිහා අපිත් එක්ක මාර විදිහට ෆිට් වුණා.. හරියට මුල ඉදලා දන්න අදුනන කෙනෙක් වගේ... මේ පුද්ගලයා තමඉ චතුරංග සෙනවිරත්න.. එහෙමත් නත්නම් හැමොම දන්න විදිහට චතුවා.


කොහොමින් කොහොම හරි කට්ටිය දැන අදුනගෙන 11ට විතර (කතා කරගත්තේ නම් 9ට ENTER වෙන්නා සත්තු වත්තට ENTER වුණා.. සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව රු.50ක්ම දීල එකිනෙකා ප්රවේශ පත්ර අරගත්තා.. අපරාදේ මධූට FULL 1ක් ගත්තේ... HALF 1ක් ගත්තා නම් හොදඉ කියලත් මට හිතුණා ( මෙහෙම කිව්වා කියල මාත් එක්ක තරහා වෙන්න එපා හොදේ ).


කස්ටිය මුලින්ම ගියේ මින් මැදුරට.. කලුවරේ මින් මැදුර දිගේ ප්රියංග ගමන් කරපු ආකාරය අපේ සිහියට නැගුවේ හමුදා සෙබළෙක්ගේ ඉරියව්. ඒ විතරක් නෙමේ, හැමෝම මාලු බැලීම පැත්තකට දාලා ගීත කොටස් මුමුනන්න පටන් ගත්තා.. මින් මැදුරේ හිටපු මාලුන්ගෙන් අපේ හිත්ගත්තේ "බුළත් හපයා" හා "පතිරණ සාලයා" (දුලන්ජලී පතිරණ අක්කිව මතක් වුණා).. එතනින් එළියට ආපු අපි මුහුඩු සිංහයො සෙල්ලම් පෙන්නන තැන පඩි පෙලේ වාඩි වෙලා සින්දු කිව්වා.. "රම්බරී කියපන් උඹේ නොම්බරේ" ප්රියා තමයි සින්දුව පටන් ගත්තෙ... ඔය අතරේ අපිට පිටිපස්සෙන් වාඩි වෙලා හිටපු අක්කලා දෙන්නෙකුත් ගායනයෙන් පුංචි සහයෝගයක් ලබා දුන්නා..


ඔය අතරතුර තමඉ චතුගේ GF අපිත් එක්ක එකතු වුණේ... ඊට පස්සේ අපි 8දෙනා විවිධාකාරයේ කුරුල්ලෝ, වානරයෝ බල බල අනංමනං කියවා කියවා ඉස්සරහට ගියා.. මේ වෙලාවෙදි තමයි අපිට චතුවා රු.50හේ CARGILLS MAGIC CORN අරන් දුන්නේ.. චතුවාට පිං සිද්ධ වෙන්න ඕනේ... මගේ තොල කට වේළිලා තිබුණේ ඒ වෙද්දී..


Part 2 බලන්න මෙතන කොටන්න

4 comments:

Ignatious said...

ela elaaz

යසි ගමගේ said...

තෑන්ක් යූ වේවා :ඩී

Anonymous said...

a good story about a bunch of monkeys went to see some humans in the zoo

Anonymous said...

better u read some good blogs

Post a Comment

ගැන්සියේ සෙට් එක