4

මමයි වසිතයි කාපු කට්ටක් ( කලඑළි මංගල්යය )

Photo 1


මුහුණු පොත නිසා හම්බ වුණු යාලුවෝ නිසා අපි ( අපි කිව්වට අපිමත් නෙමේ, මමයි වසියයි විතරයි ) කාපු කටුත් තියෙනවා. එයින් කාපු හොදම කට්ට තමයි HR ( මේ ගෑණු ළමයා මුහුණු පොතේ තවම ඉන්න නිසා සම්පූර්ණ නම නොකියාම ඉන්නම් ) නම් වූ යෙහෙළියගේ නර්තන කලඑළි මංගල්යය නරඹන්න ගිහිපු ගමන. ( කෑවයින් කෑවේ නෑ ඒ වගේ කට්ටක් )


HR කියන්නේ නර්තනයට ගොඩක් දක්ෂ ගෑනු ළමයෙක්. මමයි වසියයි එයාට කිව්වේ ඩාන්සින් ස්ටාර් කියලා. එයා අපිත් එක්ක ෆිට් වුනේ අපේ STATUS වල COMMENT කරන්න ගත්තට පස්සේ.. මට මතක විදිහට නම් 2009යේ අප්රේල් මාසෙදි වගේ තමයි. මේ විදිහට කාලය ගත වුණා..


සැප්තැම්බර් මාසේ දවසක මට HRගෙන් මුහුණු පොතේ ඇතුල් පෙට්ටියට ( INBOX එකට ) පණිවිඩයක් ඇවිත් තිබුණා. මම කුතුහලයෙන් ඒ පණිවිඩය විවෘත කලා.. HRගේ කලඑළි මංගල්යයට ( වෙස් බදිනවා වගේ එකක් ) එන්න කියලා කරපු ආරාධනාවක් තමයි ඒකෙ සදහන් වෙලා තිබුනෙ.

ඔක්තෝම්බර් මාසේ දහසයවෙනි සිකුරාදා (2009/10/16) දවසේ තමයි තියෙනවා කියලා තිබුණේ. ස්ථානය බෙල්ලන්විල රජ මහා විහාරය. මම මේක වසිතට කිවුව. වසිතටත් HR පනිවිඩේ කියල කියහන්කෝ.. දැන් ඉතින් අපි දෙන්නම දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ ආරාධනාව පිලිගන්න තීරණය කලා.


ඔන්න ඉතිං ඔක්ටෝම්බෙර් 16 වෙනිද උදා උණා. මම එඩා උදේ 6ට විතර ගෙදරින් පැනගත්තේ අමතර පන්තියක් තියෙනවා කියලා. ( කියපු බොරු වල හැටියට අපිට යන්න වෙනම අපායක් හදන්න වෙයි ).

සුපුරුදු පරිදි මම 120 බස් එකක නැගලා බොරලැස්ගමුව හංදියටත් ආවා. එතනින් දෙහිවල පත්තට යන බස් එකක නැගලා බෙල්ලන්විල පංසලටත් ආවා. හැබැයි ඒ වෙද්දි වසිත ඇවිත් තිබුණේ නෑ..


මම වසිතට දුරකථන ඇමතුමක් ගත්තා. වසිත ඒ වෙලාවෙ බෙල්ලන්විල එන බස් එකකට නැගල තිබුනා. මට බෑනේ එතනට වෙලා බලන් ඉන්න. මම ගියා පංසල ඇතුලට. ( උසස් පෙළ විභාගේ ලියන්න කලින් පන්සලකට ගියාට පස්සේ, මේ පංසලකට යනවමද කොහෙද ). පංසලේ චෛත්යයි, බෝ ගහයි අතර තියෙන ස්ථානයක මිනිස්සු ගොඩාක් වට වෙලා හිටියා.


මමත් සෙරෙප්පු දෙක ගලවලා ඒ පත්තට ගියා.. වෙඩේ හරි. එතන තමයි තැන. බලන්න එපයි එතන හැඩ. ( සැරසිලි වල විතරක් නෙමේ, ගෑණු ළමයින්ගේ පවා. :ඩී )


එතන ගොක් කොල වලිනුයි, කෙසෙල් කඳන් වලිනුඉ හදපු මල් පැල අනංමනං ගොඩාක් තිබුණා. එතන සුදු රෙදි වලින් ඔලුව වහ ගත්තු ගෑණු ලමයි 12ක් 13ක් විතර හිටියා. ( ගෑණු ලමයි ටිකගේ මල්වර උත්සවේද මන්දා කියලත් නොහිතුණාම නෙමේ ).

ගෑණු ලමයින්ගේ මූණ වහපු රෙදි ටික අයින් කලා. ඔක්කොම එක වගේමඉ. මම ඒ අතරින් HRව හෙවුවා. මුහුණු පොතේ HRගෙ ඡායාරූප නම් දැකලා තිබුනට මෙතනදි ඒ වගේ කෙනෙක් හොයා ගන්න ටිකක් අමාරු වුණා. ඒත් එක්කෙනෙක් ටිකක් ඒ වගේ. මම එයා දිහාම බලාගෙන හිටියා. වැඩේ හරි. ඒ HR තමයි. එයා මගේ දිහා බලලා හිනා වුණා.


ඔන්න ඊට ටික වෙලාවකට පස්සේ වසිතත් ආවා. මම වසිතගෙනුත් ඇහුවා "කොයි එක්කෙනාද බං මෙතනින් HR" කියලා. වසියා එක පාරටම ඩෝං ගාලා HRව අඳුන ගත්තා. ( වසිතට මුහුණු පොතේ කෙල්ලෙක්ගේ රූපේ අමතක වුණොත් තමයි පුඩුම ).


ගෑණු ලමයි ටික දිගට හරහට ශිල්ප දක්වනවා. බෙර කාරයෝ ටික බෙර උඩ නැගගෙන බෙර ගහනවා. මමයි වසියයි අහිංසක විදිහට ඒ දිහා බලාගෙන හිටියා. :පී


ඔන්න දැන් කලඑළි මංගල්යය ඉවර වෙන්න වගේ හදන්නේ. ගෑණු ලමයි ටික ගුරුවරුන්ට වඳිනවා, දෙමවුපියොන්ට වඳිනවා, වැඩ කෝටියයි.

Photo 2

ඊට පස්සේ තමයි HR අපේ ලගට ආවේ. අපි ආපු එකට එයා අපිට ගොඩාක් ස්තුති කලා. Hර් එයාගේ කැමරා එකෙන් අපි තුන්දෙනාම ඉන්න ඡායාරූපයක් ගන්න අමතක කලේ නෑ. HR අපි එක්ක ජුන්ඩ වෙලාවක් කතා කරලා, උදේ ආහාරය ගන්න අපිට ආරාධනා කලා. ඒ වෙලාවෙ අපි දෙන්නම කෑම කාලා හිටියේ නෑ.

බඩේ පණුවෝ බොක්සිං ගහනවා. ඒත් අපි ඉතිං ලැජ්ජ බයට හැදිච්ච පිරිමි ලමයි නිසා අපි කිව්වා කාලා ආපු නිසා බඩගින්නක් නෑ කියලා. එතකොට HR කිව්වා " එහෙනම් මම කාලා එන්නම්, මට නොකියා යන්න එපා කියලා ". අපිත් එයාට කන්න යන්න කියලා විහාර භූමියේ රවුම් ගගහා හිටියා.


විනාඩි 15ක් ගියා. පැය භාගයයි. පැයයි. පැය 2යි. HR පැය 2ක් තිස්සෙ කෑම කනවද දන්නේ නෑ කියලා අපි කතා වුණා. මෙහෙම රවුම් ගගහා ඉන්න බෑනේ. අපි ගියා HRව හොයන්න.


හොඳම වැඩේ තමයි "මට නොකියා යන්න එපා" කියලා අපිට කියපු කෙනා අපිටත් නොකියා යන්න ගිහින්. මදැයි කාපු කට්ට. අපි HRගේ දෙමවුපියෝ සිහි කර කර කරපු මෝඩකම් ගැන පසුතැවෙමින් චතුවාගේ ගෙදර යන්න හිතාගෙන මහරගම බස් එකකට නැග්ගා.

මෙච්චර කට්ටක් කාගෙන ඇවිල්ලත් HR අපිට සලකපු විදිහ ගැන අපි දෙන්නගේම හිතේ තිබුණේ වචන වලින් විස්තර කරන්න බැරි කලකිරීමක්.


ඊට පස්සේ අපිට HRව මුහුණු පොතේදිවත් දැකගන්න හම්බ වුණේ නෑ.

Photo 3
4

සොදුරු අතීත කතාවක් ( Part 2 )

Part 1 බලන්න මෙතන කොටන්න

ICE CREAM කන අතරේ ඩොන් නම් මලක් කඩන්න අමතක කලේ නෑ.. ICE CREAM කාපු අපි ගියේ හංසයෝඉ එහෙම ඉන්න පොකුණ ගාවට.( හංසයෝ ගැන මතක් කරපු නිසා මාව හිරේ දාවිද දන්නෙ නෑ. ලොල්ස් ) එතනදි හමෝම කතා කලේ මුහුණු පොතේ වෙච්ච රසබර සිදුවීම් තමයි... ප්රියා ඩොන් ට කියලා NIMBUZZ SOFTWARE එක INSTALL කරගත්තෙත් එතනදී... මේ අස්සෙත් ඩොන් මුහුනු පොතේ යාලුවොත් එක්ක CHAT කරනවා කියහන්කෝ.. අනේ මන්දා මූ නම්... ;ඩී


චතුවාගේ GFට ගෙදර යන්න ඕනි කියපු නිසා චතුවාත් අපෙන් සමුගත්තා... චතුවා ගියාට පස්සේ අපි දවල් කෑම කන්න කෑම කඩයක් හොයාගෙන ගියා.. මරු තැනක් හම්බ වුණා.. CHICKEN RICE 1ක් රු.150යි කියලා ඉස්සරහම මිල පුවරුවේ සදහන් කරලා තිබුණා. ඩොන්,ප්රියා,ලකී,මධු,දුලා මට 150 ගානේ 750ක් එකතු කරලා දුන්නා.. මම කෑම පාර්සල් 6ක් අරන් බිල බැලුවා. ගාන රු.750යි.. බැලින්නම් කෑම පාර්සලයක් රු.125යි.. මට සල්ලි දාන්න සිද්ධ වුණෙ නෑ.. අනිත් පස්දෙනා මටත් එක්කම සල්ලි දාලා. වැඩෙ මීටර් වුණේ ඩොන්ටයි, ප්රියාටයි විතරයි. ( මට මරු චන්ස් එක ).


දැන් ලොකුම ප්රශ්නේ තමයි කෑම කන්නේ කොහේ තියාගෙනද කියන එක. ඒ ප්රශ්නෙත් විසදුනා.. විවේක ගන්න හදපු PLACE එකක තියාගෙන අපි කෑම කන්න පටන් ගත්තා.. වෙලාවට ප්රියංග ගාව වාඩි වුණේ මමඉ ඩොනුයි.. ප්රියා වෙජිටේරියන් නිසා CHICKEN කන්නේ නෑ.. මමඉ ඩොනුයි එ CHICKEN කෑල්ල සුහදව බෙදාගෙන කෑවා... ලකියත් නිවි සැනසිල්ලේ කනවා. බලන්න එපැයි දුලයි මධුයි, උන් දෙන්නා කනවා නෙමේ ගිලිනවා.. හරියට කෑමක් දැක්කේ කල්ප කාලාන්තරයකට පස්සේ වගේ.. ලොල්ස් ( මේක දැක්කට පස්සේ නම් දුලාටයි මධුටයි මගේ දෙමවුපියන් සිහිවෙනවා නොඅනුමානයි )


කෑම කාලා ඉවර වෙලා, කස්ටියම තව ටිකක් එහෙමෙහේ ඇවිදලා හවස හතර විතර වෙද්දි සත්තු වත්තේ EXIT එක ලගට ආව.. එතනදි හමෝම තම තමන්ගේ ජංගම දුරකථන වලින් එකිනෙකාගේ ඡායාරූප ගත්තා.. මධු මල් කඩන එකත් ඡායාරූපගත කලා... ඊට පස්සේ මධුවයි, දුලායි ගෙනාපු කොල කෑලි වල සමරු සටහන් තබපු අපි හැමෝම විසිර යන්න සැරසුනා.. ඒ වෙලාවෙදි නම් අපි හැමෝගෙම හිත්වලට ආවේ එක වගේම හැගීමක්. හමු වුණේ මුල් වතාවට වුණත් කාලයක ඉදන් ඩැන අදුනගත් යාලුවො පිරිසක් විදිහටයි අපිට දැනුනේ.. ඉතිං කොහොම නම් සමුගන්නද?? අපහසුවෙන් හරි අපි 5 විතර වෙද්දි විසිර ගියා.. ඩොන් ගියෙ තනියම ගල්කිස්ස පැත්තට.. මමයි ලකියයි ප්රියයි මධුයි දුලායි ආවේ කොහුවල පැත්තට... මම කොහුවලදි හමෝටම සමුදුන්නා.. ආයිත් 120 බස් එකක නැගලා ගෙදර එද්දී දැනුණේ පුදුම පාලුවක්, තනිකමක්... යාලුවෝ ටික අදුනගන්න ලැබුනු එක ගැන තිබුනු සතුට නිසා ඒ පාලුව තනිකම නැති වෙලා ගියා..


ඔන්න ඔහොමයි CRAZY GANG එකෙ කුලුදුල් සුහද හමුව කෙලවර වුණේ..

Photo 2
4

සොදුරු අතීත කතාවක් ( Part 1 )

Photo 1

වෙන දවස් වලට උදේ 8ට 9ට වත් අවදි කරන්න බැරි මම එදා නම් උදේ 5ට විතර අවදි වුණා. එදා මගේ හිතේ තිබුණේ අමුතුම හැගීමක්.. එහෙම නොවුනා නම් තමයි පුදුම වෙන්න ඕනේ.. මොකද එදා තමයි කවදාවත් නොදැකපු, දුරකථනයෙන් විතරක් හඩ අහපු යාළුවෝ ටික මුලින්ම දැකගන්න යන දවස.


මම දත කට මැදගෙන, උදේම වතුර කොච්චර සීතල වුණත් නෑවා. ගද ගගහා යන්න බෑනේ ඉතිං. ඊට පස්සෙ මම මගේ ජාතික අදුම ( රතු පාට REBORN ටී-ෂර්ට් එකයි කලු පාට ඩෙනිමයි ) දාගෙන ඉක්මනටම දිවුවා බස් හෝල්ට් එකට.. බස් හෝල්ට් එකට ගියාම තමයි මතක් වුණෙ මම උදේට මොකුත් කෑවෙත් නෑ නේද කියලා. ඒ තරමටම නොඉවසිලිමත්...


ආහ්.. මට කියන්නත් අමතක වුණා.. මම ගෙදරට කියල ආවේ පන්ති යනවා කියල.. ඒ නිසා පොත් බෑග් එකත් අරන් එන්න මට සිද්ධ වුණා..


වෙන දවස් වලට එක පිට එක බස් එන 120 ROUTE එකෙ එදා බස් එන්න ගොඩාක් ප්රමාදයි වගේ මට තේරුණේ. ප්රියංග මට කොහුවලට එන්න කියලා තිබුනේ 9ට. අති යන්තම්. සෙනග පිරිච්ච හොරණ කොළඹ බස් එකක් ආවා. දෙතුන් වතාවක් හිතන්නේ නැතුව මම බස් 1ට නැග්ගා.. බස් එක අද යන්නේ හරිම හෙමින් කියල මට හිතුනා. එක්කෝ ඔරලෝසුවේ කටු කැරකුණේ හරිම හෙමින්. කොහොම හරි 9.15ට මම කොහුවලට ආවා.


බස් එකෙන් බැහැලා මම ගියේ 176 බස් හෝල්ට් එකට.. එතනදි මගේ ළගට ආපු කොන්ඩේ පීරපු නැති, මගේ තරමටම උස් මහත් පුද්ගලයෙක් ඇවිත් එක පාරටම මගෙන් ඇහුවා "ඔයා යසිරු ලක්නාත් නේද?" කියලා.. ඇත්තටම මට අදුරගන්න බැරි වුණා.. ඒ තමයි අපි මුහුණු පොතේදි මරිසි ප්රියා කියලා අදුන්නපු ප්රියංග ප්රතිභා... ප්රියා තමයි මම මුහුණු පොතේ යාළුවන්ගෙන් මුලින්ම හැබහින් දැක්කේ.. ප්රියත් ගෙදරට කියලා ඇවිත් තිබුණේ මම කියපු බොරුවම තමයි.. අතෙ පොත් 2කුත් තිබුණා.. ඒ පොත් 2 මම මගේ බෑග් 1ට දාගෙන දෙහිවල සත්තු වත්තට යන්න 176 බස් 1කට නැග්ගා..


බස් එකේ යනකම් කතා කලේ ආ ගිය තොරතුරු තමයි..ඒ වෙලාවෙදිත් දෙන්නම දුරකතනයෙන් මුහුණු පොත පත්තේ රවුමක් ගැහුවා.. බස් එක සත්තු වත්ත ළගටත් ආවා.. අපි බස් එකෙන් බැස්සේ ඒ වෙද්දිත් එතනට අවිත් ඉන්නව කියපු ඩොන් ඉන්නේ කොහේද කියලා හොයාගන්න දහසක් මිනිස් රූප අතරින් අපේ ඇස් යොමු කරන ගමන්මයි. සත්තු වත්ත ඉස්සරහා බුස් නැවතුම්පලේ බංකුවක වාඩි වෙලා ඉන්න, මට සුපුරුදු රුවක් මගේ නෙත ගැටුණා..


මුහුණු පොතේදි මට මුලින්ම හමුවුණු මුල්ම හොදම යාළුවා තමයි එතන වාඩි වෙලා හිටියේ.. ඔව්, ඒ ඩොන් ( වසිත රොෂාන් මීගොඩ ) තමයි.. මම ප්රියාට ඩොන් ව පෙන්නුවා..ඒත් ප්රියාට එක පාරටම අදුරගන්න බැරි වුණා.. ඊට පස්සේ අපි දෙන්නත් ඩොන් හිටපු තැනටම ගිහින් වාඩි වුණා. අනිත් කට්ටිය එනකන් අපි පුංචි කතාවක් දාගෙන ඩොන්ගෙ ජංගම දුරකථනයේ වාදනය වෙන සිංදු වලටත් සවන් දුන්නා.. අනිත් අය ආවම එයාලව අදුනන්නේ නැති විදිහට ඉමු කියලා අපි කතා කරගෙනයි තිබුණේ...


ඔන්න ඉතිං ටික වෙලාවකට ( මිනිත්තු 90කට විතර ) පස්සේ අපි හොදට දැකලා පුරුදු තුන්දෙනෙකුයි, කවදාවත් නොදැකපු එක්කෙනෙකුයි බස් එකකින් ඇවිත් බැස්සා. හතරදෙනාම අපිව දැක්කා.. ඊට පස්සේ හතරදෙනාම ලොකු සාකච්ඡාවක් කරලා කරලා අන්තිමටම ටිකක් කොන්ඩේ වවපු, කෙට්ටු, උස පොර (ලක්ෂාන් මහගමගේ) මගෙන් ඇවිත් අහුවා "ඔයා යසිරු ලක්නාත් නේද?" කියලා. මම ඒ වෙලාවේ අපේ සැලසුම ක්රියාත්මක කලා.. "SORRY, WRONG NUMBER" කියන 1 තමඉ මගේ පිළිතුර වුණේ.. ලකියාට මේක මාර ප්රශ්නයක්.. ආයිත් හතරදෙනා සාකච්ඡාවට වැටුණා.. අපි තුන්දෙනාට පව් කියලා හිතුණ නිසා එයාලට අපිව අදුන්නලා දුන්නා.. හැමොටම බඩ පැලෙන්න හිනා...


අපි ආවේ සත්තු වත්ත බලන්න කියලා... ඒත් එතන හිටපු ගෑණු ළමයි දෙන්නා නම් කොච්චරවත් රණ්ඩු වුණා MC යමු කියලා.. මිටි, පොඩි, ඩගකාර, හැඩකාර ගෑණු ළමයට තමයි ඒ උවමනාව වැඩියෙන්ම තිබුණෙ... ඒ වෙන කවුරුවත් නෙමේ... මධු පනාගොඩ... අනිත් ගෑනු ළමය හරි අහින්සක පෙනුමක් තිබුණේ (මෙහෙම කියන්න එයා මට රු.100ක්ම දුන්නා..) එයාව දැක්කම අපිට මතක් වුණේ ඇතින්නියක් මිස වෙන කවුරුවත් නෙමේ.. ලොල්ස්... ඔව්,ඔව්, ඒ තමයි දුලන්ජනී ගීතිකා... කොහොම හරි ප්රියංග ලොකු බොරුවක් ගහලා එයාලව සත්තු වත්තට එක්කන් යන්න කැමති කරගත්තා... ආපු හතරදෙනාගෙන් තුන්දෙනෙක්ම අදුර ගත්තනේ.. ඒත් හතරවෙනියා නම් අපි තුන්දෙනා දන්න කෙනෙක් නෙමේ.. මධු තමයි එයාව අදුන්නලා දුන්නේ... අව් කණ්ණාඩි යුගලක් ඩාගෙන, විකාරරූපී විදිහට හිසකෙස් සකස් කරපු, ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුඉ ඇදන්, සෙරෙප්පු දෙකක් දාගෙන ආපු මේ අමුත්තා මුලින්ම ඩැකපු ගමන් අපිට හිතුණේ "මූ හෙණ පොෂ් පොරක්" කියලා.. ඒත් ටිකක් වෙලා යද්දි මිනිහා අපිත් එක්ක මාර විදිහට ෆිට් වුණා.. හරියට මුල ඉදලා දන්න අදුනන කෙනෙක් වගේ... මේ පුද්ගලයා තමඉ චතුරංග සෙනවිරත්න.. එහෙමත් නත්නම් හැමොම දන්න විදිහට චතුවා.


කොහොමින් කොහොම හරි කට්ටිය දැන අදුනගෙන 11ට විතර (කතා කරගත්තේ නම් 9ට ENTER වෙන්නා සත්තු වත්තට ENTER වුණා.. සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව රු.50ක්ම දීල එකිනෙකා ප්රවේශ පත්ර අරගත්තා.. අපරාදේ මධූට FULL 1ක් ගත්තේ... HALF 1ක් ගත්තා නම් හොදඉ කියලත් මට හිතුණා ( මෙහෙම කිව්වා කියල මාත් එක්ක තරහා වෙන්න එපා හොදේ ).


කස්ටිය මුලින්ම ගියේ මින් මැදුරට.. කලුවරේ මින් මැදුර දිගේ ප්රියංග ගමන් කරපු ආකාරය අපේ සිහියට නැගුවේ හමුදා සෙබළෙක්ගේ ඉරියව්. ඒ විතරක් නෙමේ, හැමෝම මාලු බැලීම පැත්තකට දාලා ගීත කොටස් මුමුනන්න පටන් ගත්තා.. මින් මැදුරේ හිටපු මාලුන්ගෙන් අපේ හිත්ගත්තේ "බුළත් හපයා" හා "පතිරණ සාලයා" (දුලන්ජලී පතිරණ අක්කිව මතක් වුණා).. එතනින් එළියට ආපු අපි මුහුඩු සිංහයො සෙල්ලම් පෙන්නන තැන පඩි පෙලේ වාඩි වෙලා සින්දු කිව්වා.. "රම්බරී කියපන් උඹේ නොම්බරේ" ප්රියා තමයි සින්දුව පටන් ගත්තෙ... ඔය අතරේ අපිට පිටිපස්සෙන් වාඩි වෙලා හිටපු අක්කලා දෙන්නෙකුත් ගායනයෙන් පුංචි සහයෝගයක් ලබා දුන්නා..


ඔය අතරතුර තමඉ චතුගේ GF අපිත් එක්ක එකතු වුණේ... ඊට පස්සේ අපි 8දෙනා විවිධාකාරයේ කුරුල්ලෝ, වානරයෝ බල බල අනංමනං කියවා කියවා ඉස්සරහට ගියා.. මේ වෙලාවෙදි තමයි අපිට චතුවා රු.50හේ CARGILLS MAGIC CORN අරන් දුන්නේ.. චතුවාට පිං සිද්ධ වෙන්න ඕනේ... මගේ තොල කට වේළිලා තිබුණේ ඒ වෙද්දී..


Part 2 බලන්න මෙතන කොටන්න

ගැන්සියේ සෙට් එක