1

මලවි හැර නොයන්. John Donne ගේ SWEETEST LOVE, I DO NOT GO හි සිංහල පරිවර්ථනය

Photo 1


(1)
ගතින්ද සිතින වෙහෙසව ගිය හෙයින
ඔබෙන්
වෙන් වී යනු ඇතිය ඔබ නොපතන්න
සිතෙන්
සුන්දර අනග සරි ලිය පස සොයන
රිසින්
ඔබ හැර නොමැත ලිය සරණක් පතන
ලොවෙන්


(2)
එනමුදු සුපිපි සුව රස බලනා ජීවේ
හැර යා යුතුව ඇත අවසන් දෝලාවේ
සමදන් සුවය ගත නැති සිත තුල පාවේ
මරණය ළං වුවත් එහි ජීවය බෝ වේ


(3)
දිලි මුව රතඹ හැර හිරු බැස ගිය
පෙරදා
විලිබර සුරඹ වෙත නැග එයි මරු
පරදා
මිලිනව හැගුම අදිටන සිත නොම
රන්දා
පිලිවෙල පෙරඹ නොවරද හිරු මග
රන්දා


(4)
දිනකර යනෙන මග සලකුණු දෙස නොබලා
රස කර නැගෙන ඔබෙ තොල් පෙති සිහි
කරලා
පසු කර දුවමි යොදුනට දහසක්
ගෙවලා
සරි කර ගෙවනු මැන ඩිවි,මා සිහි
කරලා


(5)
හොද කල දවස ගෙවී යයි තත්පර
මිනිත්තුවෙන්
විදි කල දවස බැහැ ගන්නට
තුවක්කුවෙන්
තෙද බල පෙන්වුවඩ මුව රන්දි
සුරුට්ටුවෙන්
මිනිස දුබලයෙකි ගෙව්වද දිවිය
සුවෙන් ...


(6)
දෙටු බල නැගෙන විට රත් පැහ ගිනි
ජාලා
සිතිවිලි නොදේ ඉඩ ඉන්නට පිටු
පාලා
තැවෙමින් දොසින් දුක් ගින්නෙන්
පුරවාලා
ගිනි ගෙන දැවේ තම වරදින්
විදවාලා


(7)
සුලගට ඔබ හෙලන සුසුමෙන්
නොමැත රිදුම්
ප්රාණය ගසා යයි බිදවා
මසිත පැතුම්
සෝ
දුක් නිවන්නට සුසුමට කරන පිදුම්
ජීවය මගේ උදුරා ගොස් ගෙනෙයි
රිදුම්


(8)
නුවනග නැගෙන දිය,මිනි කැට සිහි
ගන්වයි
සුසිනිදු සිනිදු වුවනත ඉන් ඔප
ගන්වයි
එනමුදු එයින් මා රුහි අව පැහැ
ගන්වයි
නුපුරුදු හැගුම් අප හදවත්
බිය ගන්වයි


(9)
සුසුමද,හැඩුම අවි ආයුධ කොට
මෙලෙස
මා දිවි නසනුයේ ඇයි ඔබ මේ විලස
මට පෙම් කරන බව ඔබ පැවසූ හවස
සිහියට නැගෙයි ඔබ දුක් වන හැම
දවස


(10)
කාලය වටිනවා කහවණු
වලට වඩා
කුසලය වටිනවා හැම
පවකටම වඩා
පුර සද වටිනවා සද නති
රැයට වඩා
මට ඔබ වටිනවා වෙන
කාටවත් වඩා


(11)
අසුරන් සුපුර වටෙ රණ ගොස
නගද්දී
ඔබ දිව හදවතට හී සර
විදිද්දී
මා යුධ වදිමි විෂ හී තල කැවෙද්දී
රැක ගනු මැනවි හද,එහි මා
මියෙද්දී


(12)
විකසිත වන කුසුම මුකුලිත වී
යන්නේ
අලුයම නැගෙන හිරු සවසට බැස
යන්නේ
දයිවය අනුව මේ හැම දෙය සිදු
වන්නේ
එඩිතර වනු මිසක ඇයි ඉන් බිය
වන්නේ ?


(13)
සෙද රලු සුලග නිවුවද අප නෙත් පහන
සිද බිද දමනු නොහැකිය අප
සිත් රැහැන
දුක්බර වියොව ගැන දකිමින්
සුබ සිහින
දෙපසට හැරී නිදනා මෙනි එක යහන


(14)
මා හද මඩලෙ සැමදා ජීවත් වන්න
ඔබ හද පතුලෙ මා ඇත්දැයි
පවසන්න
දෙදෙනා තුලම දෙදෙනා ජීවත් වන්න
මොන අසුරෙකුටවත් බැහැ අප
නවතන්න

Photo 1

1-7 දක්වා කවි 2009.01.31 රිවිර
පුවත්පතේ පල විය


( ප්රියංග ප්රතිභා )
4

අපේ Fan pages









ගැන්සියේ සෙට් එක