මමයි වසිතයි කාපු කට්ටක් ( කලඑළි මංගල්යය )

Photo 1


මුහුණු පොත නිසා හම්බ වුණු යාලුවෝ නිසා අපි ( අපි කිව්වට අපිමත් නෙමේ, මමයි වසියයි විතරයි ) කාපු කටුත් තියෙනවා. එයින් කාපු හොදම කට්ට තමයි HR ( මේ ගෑණු ළමයා මුහුණු පොතේ තවම ඉන්න නිසා සම්පූර්ණ නම නොකියාම ඉන්නම් ) නම් වූ යෙහෙළියගේ නර්තන කලඑළි මංගල්යය නරඹන්න ගිහිපු ගමන. ( කෑවයින් කෑවේ නෑ ඒ වගේ කට්ටක් )


HR කියන්නේ නර්තනයට ගොඩක් දක්ෂ ගෑනු ළමයෙක්. මමයි වසියයි එයාට කිව්වේ ඩාන්සින් ස්ටාර් කියලා. එයා අපිත් එක්ක ෆිට් වුනේ අපේ STATUS වල COMMENT කරන්න ගත්තට පස්සේ.. මට මතක විදිහට නම් 2009යේ අප්රේල් මාසෙදි වගේ තමයි. මේ විදිහට කාලය ගත වුණා..


සැප්තැම්බර් මාසේ දවසක මට HRගෙන් මුහුණු පොතේ ඇතුල් පෙට්ටියට ( INBOX එකට ) පණිවිඩයක් ඇවිත් තිබුණා. මම කුතුහලයෙන් ඒ පණිවිඩය විවෘත කලා.. HRගේ කලඑළි මංගල්යයට ( වෙස් බදිනවා වගේ එකක් ) එන්න කියලා කරපු ආරාධනාවක් තමයි ඒකෙ සදහන් වෙලා තිබුනෙ.

ඔක්තෝම්බර් මාසේ දහසයවෙනි සිකුරාදා (2009/10/16) දවසේ තමයි තියෙනවා කියලා තිබුණේ. ස්ථානය බෙල්ලන්විල රජ මහා විහාරය. මම මේක වසිතට කිවුව. වසිතටත් HR පනිවිඩේ කියල කියහන්කෝ.. දැන් ඉතින් අපි දෙන්නම දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ ආරාධනාව පිලිගන්න තීරණය කලා.


ඔන්න ඉතිං ඔක්ටෝම්බෙර් 16 වෙනිද උදා උණා. මම එඩා උදේ 6ට විතර ගෙදරින් පැනගත්තේ අමතර පන්තියක් තියෙනවා කියලා. ( කියපු බොරු වල හැටියට අපිට යන්න වෙනම අපායක් හදන්න වෙයි ).

සුපුරුදු පරිදි මම 120 බස් එකක නැගලා බොරලැස්ගමුව හංදියටත් ආවා. එතනින් දෙහිවල පත්තට යන බස් එකක නැගලා බෙල්ලන්විල පංසලටත් ආවා. හැබැයි ඒ වෙද්දි වසිත ඇවිත් තිබුණේ නෑ..


මම වසිතට දුරකථන ඇමතුමක් ගත්තා. වසිත ඒ වෙලාවෙ බෙල්ලන්විල එන බස් එකකට නැගල තිබුනා. මට බෑනේ එතනට වෙලා බලන් ඉන්න. මම ගියා පංසල ඇතුලට. ( උසස් පෙළ විභාගේ ලියන්න කලින් පන්සලකට ගියාට පස්සේ, මේ පංසලකට යනවමද කොහෙද ). පංසලේ චෛත්යයි, බෝ ගහයි අතර තියෙන ස්ථානයක මිනිස්සු ගොඩාක් වට වෙලා හිටියා.


මමත් සෙරෙප්පු දෙක ගලවලා ඒ පත්තට ගියා.. වෙඩේ හරි. එතන තමයි තැන. බලන්න එපයි එතන හැඩ. ( සැරසිලි වල විතරක් නෙමේ, ගෑණු ළමයින්ගේ පවා. :ඩී )


එතන ගොක් කොල වලිනුයි, කෙසෙල් කඳන් වලිනුඉ හදපු මල් පැල අනංමනං ගොඩාක් තිබුණා. එතන සුදු රෙදි වලින් ඔලුව වහ ගත්තු ගෑණු ලමයි 12ක් 13ක් විතර හිටියා. ( ගෑණු ලමයි ටිකගේ මල්වර උත්සවේද මන්දා කියලත් නොහිතුණාම නෙමේ ).

ගෑණු ලමයින්ගේ මූණ වහපු රෙදි ටික අයින් කලා. ඔක්කොම එක වගේමඉ. මම ඒ අතරින් HRව හෙවුවා. මුහුණු පොතේ HRගෙ ඡායාරූප නම් දැකලා තිබුනට මෙතනදි ඒ වගේ කෙනෙක් හොයා ගන්න ටිකක් අමාරු වුණා. ඒත් එක්කෙනෙක් ටිකක් ඒ වගේ. මම එයා දිහාම බලාගෙන හිටියා. වැඩේ හරි. ඒ HR තමයි. එයා මගේ දිහා බලලා හිනා වුණා.


ඔන්න ඊට ටික වෙලාවකට පස්සේ වසිතත් ආවා. මම වසිතගෙනුත් ඇහුවා "කොයි එක්කෙනාද බං මෙතනින් HR" කියලා. වසියා එක පාරටම ඩෝං ගාලා HRව අඳුන ගත්තා. ( වසිතට මුහුණු පොතේ කෙල්ලෙක්ගේ රූපේ අමතක වුණොත් තමයි පුඩුම ).


ගෑණු ලමයි ටික දිගට හරහට ශිල්ප දක්වනවා. බෙර කාරයෝ ටික බෙර උඩ නැගගෙන බෙර ගහනවා. මමයි වසියයි අහිංසක විදිහට ඒ දිහා බලාගෙන හිටියා. :පී


ඔන්න දැන් කලඑළි මංගල්යය ඉවර වෙන්න වගේ හදන්නේ. ගෑණු ලමයි ටික ගුරුවරුන්ට වඳිනවා, දෙමවුපියොන්ට වඳිනවා, වැඩ කෝටියයි.

Photo 2

ඊට පස්සේ තමයි HR අපේ ලගට ආවේ. අපි ආපු එකට එයා අපිට ගොඩාක් ස්තුති කලා. Hර් එයාගේ කැමරා එකෙන් අපි තුන්දෙනාම ඉන්න ඡායාරූපයක් ගන්න අමතක කලේ නෑ. HR අපි එක්ක ජුන්ඩ වෙලාවක් කතා කරලා, උදේ ආහාරය ගන්න අපිට ආරාධනා කලා. ඒ වෙලාවෙ අපි දෙන්නම කෑම කාලා හිටියේ නෑ.

බඩේ පණුවෝ බොක්සිං ගහනවා. ඒත් අපි ඉතිං ලැජ්ජ බයට හැදිච්ච පිරිමි ලමයි නිසා අපි කිව්වා කාලා ආපු නිසා බඩගින්නක් නෑ කියලා. එතකොට HR කිව්වා " එහෙනම් මම කාලා එන්නම්, මට නොකියා යන්න එපා කියලා ". අපිත් එයාට කන්න යන්න කියලා විහාර භූමියේ රවුම් ගගහා හිටියා.


විනාඩි 15ක් ගියා. පැය භාගයයි. පැයයි. පැය 2යි. HR පැය 2ක් තිස්සෙ කෑම කනවද දන්නේ නෑ කියලා අපි කතා වුණා. මෙහෙම රවුම් ගගහා ඉන්න බෑනේ. අපි ගියා HRව හොයන්න.


හොඳම වැඩේ තමයි "මට නොකියා යන්න එපා" කියලා අපිට කියපු කෙනා අපිටත් නොකියා යන්න ගිහින්. මදැයි කාපු කට්ට. අපි HRගේ දෙමවුපියෝ සිහි කර කර කරපු මෝඩකම් ගැන පසුතැවෙමින් චතුවාගේ ගෙදර යන්න හිතාගෙන මහරගම බස් එකකට නැග්ගා.

මෙච්චර කට්ටක් කාගෙන ඇවිල්ලත් HR අපිට සලකපු විදිහ ගැන අපි දෙන්නගේම හිතේ තිබුණේ වචන වලින් විස්තර කරන්න බැරි කලකිරීමක්.


ඊට පස්සේ අපිට HRව මුහුණු පොතේදිවත් දැකගන්න හම්බ වුණේ නෑ.

Photo 3

4 comments:

ignatious said...

mokak? maara end ekakne... dan innawa kiwwe ehanam?

යසි ගමගේ said...

ඉන්නවා නම් තමයි. ඒත් නෝ මැසේජස් ඇන්ඩ් නෝ කමෙන්ට්ස්.

Unknown said...

naaaaaaa...!!! :P

යසි ගමගේ said...

@රජි-නැතිවෙන්න නම් විදිහක් නෙ බන්. :පී

Post a Comment

ගැන්සියේ සෙට් එක