0

2010න් 2011ට යන අපේ සෙට් එක

CG1

ඔන්න ඉතිං මීට දවස් 365කට කලින් පැකින් කඩපු 2010 අවුරුද්දත් අදින් එක්ස්පයර් වෙනවා.


2010 අවුරුද්ද ආරම්භය නම් මට එච්චරම සුබදායී වුණේ නම් නෑ.. 2010 ජනවාරි 15 මගේ ආදරණීය පියාණන් මෙලොව අතැර යාම එයට හේතුව වුණා... නමුත් මගේ පාසලේ මිතුරන් හා මුහුණු පොතේ මිතුරන් ඒ මොහොතේ මා සමග සිටීම මට මහත් ශක්තියක් වුණා. විශේෂයෙන් උමතු ගැන්සියේ අපේ සෙට් එක...


ඒ හැරෙන්න අපේ සෙට් එකට 2010 වසර සමස්ථයක් විදිහට සුබදායී වුණා.. විශේෂයෙන්ම මුහුණු පොතේ පැවති මනාප තරග 2කින් ජයගන්න අපේ සෙට් එකෙ දෙන්නෙක්ට පුලුවන් වුණා.. එක්කෙනෙක් තමයි කසුන් මලිත් නොහොත් අපේ ගැන්සියෙ තාක්ෂනික එක්ස්පර්ට්.. අනිත් කෙනා තමඉ "මම" කියන පුද්ගලය. :ඩී


උමතු ගැන්සියේ පළමු උපන්දිනය සැමරුවෙත් 2010දි. හරියටම කියනවා නම් 2010 පෙබරවාරි 28වෙනිදා..


ගැන්සියේ කලාකරුවා හෙවත් ප්‍රියංග ප්‍රතිභා පවුල් වුණෙත් 2010දි. ඒ වගේම ගැන්සියේ වයසින් පොඩි එකා ( ශරීර ප්‍රමාණයෙන් ලොකු එකා ) හෙවත් සහන් මල්ලිත් 2010දි පවුල් වුණා.. සුපුරුදු විදිහටම මමයි,වසියයි,කුකුළයි තනිකඩවම තමයි 2011ට පා තබන්නේ. හැබැයි මෙ යන විදිහට නම් කුකුළා වැඩි කල් නොයාම පවුල් වෙයි වගේ.. :පී ( කුකුළා කිව්වේ දගකාර,වැඩකාර සචිත් කෞෂාල් ට ).


2009දි පවුල් වෙච්ච ලකී - අනූ ජෝඩුව සෙට් වෙලා අවුරුද්දක් සැපිරීම සැමරුවෙත් 2010දි..


අපේ ගැන්සියේ රොබින් හුඩ් හෙවත් චතුවා එංගලන්තෙට ගියෙත් 2010දි. චතුවා නැති එක අපේ සෙට් එකට ලොකු පාඩුවක් වුණා..


අපේ ගැන්සියට 2010දි තවත් අලුත් සාමාජිකයෝ කීපදෙනෙක් එකතු වුණා. උදාර,ඉසුරු ජයවර්දන,ලිහිණි,කසුනි හා ලෙනිටා තමයි අලුත් සෙට් එක..


ඒ වගේම මුහුණු පොතේ මරු මරු පොරවල් ටිකක් අලුතෙන් අඳුන ගන්න ලැබුණු අවුරුද්දක් විදිහටත් 2010 සලකන්න පුලුවන්. ඒ අතරින් IJ,UR‍,SP ඇතුලු X‍Y සෙට් එක හා නලින් කාරියවසම්,හසිත් ප්‍රසංග ගොඩක් විශේෂයි.. ( නම් ගම නොලිය වෙච්චි අය මට සමාව දෙන්න. මට දැනට මතක් වුණේ මෙච්චරයි )


මුහුණු පොතේ අපේ ගැන්සියට එදා ඉන්දලම සහය දීපු රත්නපුරෙ සෙට් එක, නුරේෂ් නාමල් මලයා හා අනෙකුත් පිරිස 2010දිත් අපේ වැඩ වලට ලබා දුන්නේ ලොකු සහයෝගයක්...


ඔන්න ඕවා තමයි 2010දි වෙච්චි වැදගත් සිදුවීම්.. දුලා, මධු, ෂෙහාන්, රජිත, නෙතා, සමීන්ද්‍ර, සජිත්,අසිත්,හසුන්,ඩිනාලි ජනනි ආදී අපේ ගැන්සියෙ කස්ටියගේ නම් නොලිව්වොත් තරහා වෙයි කියලා හිතුනු නිසා ඔන්න ඒ අයගෙ නම් ටිකත් සඳහන් කළා. :ඩී


එහෙනම් ඉතිං 2010ට ටටා කියලා 2011ටා ආයුබෝවන් කියන්න සූදානම් වෙන හැමොටම 2011 වසර සුබ නව වසරක් හා සියලු සිතුම් පැතුම් ඉටුවෙන වසරක් වේවා කියලා උමතු ගැන්සිය වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා...

CG2
4

සිරිමල් හා රුක් දෙයියා



සිරිමල් ගොඩක් දුප්පත් ළමයෙක්. හැබැයි එයා හරිම හොඳයි. දවසක් මේ සිරිමල් කැළේට ගියා දර කපන්න. එයා හොඳ ගහක් තෝරගෙන පළවෙනි පොරෝ පාර ගැහුවා විතරයි

"එපා...!!!!!"

සිරිමල් වටපිට බලලා තව පාරක් ගැහුවා.

"එපා යකෝ...!!!!"

සිරිමල් ගොඩාක් බය වෙලා බයටම තව පාරක් ගැහුවා.

"ප්ලීස්,මේ ගහ කපන්න එපා..මම මේ ගහට අධිපති රුක් දෙයියා..දරුවා කැමති වරයක් ඉල්ලව"

එතකොට සිරිමල් ගොඩාක් කල්පනා කරලා මෙහෙම කිව්වා...

"මගේ A/L MATHS PAPER‍ එක කරලා දෙන්න"

එවිට එම ගහ ඉබේම කැපී දර වලට වෙන් විය. ඊට පස්සේ ඒ දර විකුණාගෙන සිරිමල් බොහෝ කාලයක් සතුටින් ජීවත් විය...

( ප්‍රියංග ප්‍රතිභා ගේ උපමා කථා ඇසුරෙනි )

ගැන්සියේ සෙට් එක